මැණික 02 | Manika 02 by Suvini Sudhasni [2020]

Sinhala song lyrics with music notes illustration

මෝරපු කුසට වෙරදී සයනයම බදා
වෙව්ලන දෑස දියකර උණු කදුළු සලා
ඉකිලන මගේ දෙස බලමින් දෑස අයා
හිදිනා රැවක් දුටුවෙමි දුර ඈත තියා

ළගට විත් දෑතින්ම හිස හෙමින් අත ගගා
ඇසුණි නුඹ රිදෙනවද මැණික යැයි කිවු කතා
නුඹේ හුස්මක් පවා මට හුගක් හුරු නිසා
ඉතින් මම හැදිනුවෙමි ඒ ඉන්නෙ නුඹ කියා

පෙම් කරපු දා මගේ තුරුලේම ළග හිදන්
ගොඩ ගහපු හීන වල පැටව් ඇති ඇති තරම්
ඇවිලෙද්දි ඒ මතක හොරෙන් කදුලැලි පිහන්
දුටිමි නුඹ වෙව්ලනවා පිහිය දෑතින් බදන්

දෙපලු කර ගෙන නුඹේ පිහි තුඩ යනෙන කොට මගෙ කුස පුරා
ඇවිලෙනා ඒ විලිරුදාවන් ප්‍රේමයෙන් නිවි නිවි ගියා
දන්න හින්දා පරෙස්සම් බව නුඹේ ලග මගෙ පොඩි එකා
ඉතින් මම ඇස් පියා ගත්තා සත්තමයි හිනැහී එදා

අදටත් තියා ගෙන පෙම් හිත මා ගාව
නුඹ දුක් විදිනවා උහුලන්නද කෝම
ඉර හද සේම ඈතින් හිද බෝම
සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම

මං වෙනුවෙන් මේ දේ හෙට කරනවනන්
නුඹ කිව් ලෙසට පැටියට නුඹෙ නම දෙන්නන්
මං හැර වෙනත් හීනෙක සැනසෙන්න බලන්
දැන්වත් උඹේ පපුවෙන් මගෙ රුව මකපන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply