මැණික | Manika by Tharindu Jayasinghe [2020]

Sinhala song lyrics with music notes illustration

මෝරපු කුසට වෙරදී – සයනයම බදා
වෙව්ලන දෑස දියකර – උණු කඳුළු සලා
ඉකිලන හැඬුම් – යන්තම් හුරුපුරුදු නිසා
ලං වී බැලිමි විලිබර ඈ – කවුද කියා

පෙර මාව මත් කරපු – ඒ උමතු නෙත් දෙකයි
හැමදාම හිත හෙව්ව – ඒ මිහිරි සුවඳමයි
මුළු හිතින් මං වින්ද – ඒ සොඳුරු රූපෙමයි
කියාපන් මගෙ මැණික – මේ ඉන්නෙ නුඹමදැයි

පෙර මාව මත් කරපු – ඒ උමතු නෙත් දෙකයි
හැමදාම හිත හෙව්ව – ඒ මිහිරි සුවඳමයි
මුළු හිතින් මං වින්ද – ඒ සොඳුරු රූපෙමයි
කියාපන් මගෙ මැණික – මේ ඉන්නෙ නුඹමදැයි

උහුලන්නෙ කෙලෙස මං – පෙර මතක හිත තියන්
රිදෙනවා තුන් හිතම – සුදු මැණික ඇති තරම්
කොයිතරම් දරුණුයි ද – දෛවයේ නපුරුකම්
හිත හිතා අරගතිමි – පිහිය දෑතට මෙමං

උහුලන්නෙ කෙලෙස මං – පෙර මතක හිත තියන්
රිදෙනවා තුන් හිතම – සුදු මැණික ඇති තරම්
කොයිතරම් දරුණුයි ද – දෛවයේ නපුරුකම්
හිත හිතා අරගතිමි – පිහිය දෑතට මෙමං

දෙපලු කරගෙන නුඹේ කුස මං – අතට අරගෙන පොඩි එකා
තුරුල් කරගෙන හිටියා ඩිංගක් – පුරුදු සුවඳක් ආ නිසා
නුඹ වගේමයි හරිම ලෝභයි – දකිද්දිත් මට උගේ සිනා
අහන්නට හිතුණා නුඹෙන් මට – ඇයි මගේ නොවුනේ කියා

අදටත් නැති නිසා – පෙම් සිත ඔබ ගාව
අපි මැවූ හීනවල – ජීවත් වෙමි තාම
අයිතිය නැති උනත් – මගෙ ලේ වල ගෑව
පියෙක් උනා මං – නුඹෙ පැටියගේ ගාව

ඉතිං මැණික – එහෙනම් මං සමුගන්නම්
ලද බව පුතෙක් – ඔහු වෙත ගොස් පවසන්නම්
මං වෙනුවෙන් මේ දේ – විතරක් කරපං
අමතක නොකර – පැටියට මගේ නම තියපං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply