සද නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින් වගේම තාම පේනවා
නෙතු කෙවෙනි අග තියා
දුක හංගත් සිනා
නුඹ නේන කාරනාව දන්නවා
මතක වේදනාවන්
සගවලා මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන්
මිදී
සුසුම් පා කරන්නම්
නුබට මා දැනේනම්
ඒ ලෝකයේදි මුණගැහෙයි
අපි
හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ
මුණගැහුන මගහැරුනු ස්නේහෙ
හැමදාම මතකේ තියෙන්නෙ
අත් හැරෙන අත්වලිනි ලෝකෙ
ප්‍රේමයේ සෘතුව ලියන්නෙ
නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්
හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ
Written by Udesh Aryan