in Sudeera Dilshan, Udesh Aryan

මතක වේදනාවන් | Mathaka Wedanawan by Sudeera Dilshan

සද නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින් වගේම තාම පේනවා

නෙතු කෙවෙනි අග තියා
දුක හංගත් සිනා
නුඹ නේන කාරනාව දන්නවා

මතක වේදනාවන්
සගවලා මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන්
මිදී
සුසුම් පා කරන්නම්
නුබට මා දැනේනම්
ඒ ලෝකයේදි මුණගැහෙයි
අපි

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ

මුණගැහුන මගහැරුනු ස්නේහෙ
හැමදාම මතකේ තියෙන්නෙ
අත් හැරෙන අත්වලිනි ලෝකෙ
ප්‍රේමයේ සෘතුව ලියන්නෙ

නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ

Written by Udesh Aryan

banner

Leave a Reply