මතකයි අම්මේ | Mathakayi Amme by Wally Bastiansz

Sinhala song lyrics with music notes illustration

ලේ කිරි කරලා ඔබ මට පෙව්වා..
මා පොඩි දරුවා එය රස කර බිව්වා..
රෑ දහවල් ඔබ නොනිදා උන්නේ..
මා හිංදා දුක් විඳි බව දන්නේ..

මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල..

තුරුළු කරන් මා
සැනසුම පෙව්වේ..
නැලවිලි ගී කියලා
මා සැනසෙව්වේ..
බිඳුවක් වත් නෑ
මට අඬන්න දුන්නේ
මාව නැලෙව්වවා
දොයි දොයි කියලා

මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල..
මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල..

පුතේ නුඹේ අම්මා
කිරට ගියාලූ..
කිරි මුට්ටිය ඇගේ
ගඟේ ගියාලූ..
පවසක් සනසා
මුහුනද සිඹලා
මාව නැලෙව්වා
දොයි දොයි කියල

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply