මිනිස්කම් | Miniskam by Sachith Peiris ft. Smokio, Pissu Kanna

කඳුළු හංගා සිනහා වර්ෂා
හැලුව හින්දා පිරුණු ගංගා
සෙනෙහේ දැනෙනා
තැනක් හොයනා
අතරමංවී සසරේ සරනා

මහ මෙරක බරක්
හිත පුරා ඇති
ආකාසේ තරම්
හීන දකින්න ඇති
පතුරමු
උතුම් මිනිස්කම්

මිනිස්කම් මනුසත් හැගුමන්
හැකිනම් දෙන්න සිනහවන්
ඒ හිනාවන් දිරියක් වේවි
සොඳුරු සිත් සුවපත් වේවි

කෙනෙක්ට ලැබෙන දේවල්
ලැබෙන්නෑ තව කෙනෙක්ට
හැම කෙනෙක්ම හිතන්නේ කැමති දේවල්
ලැබේවි කියලා හෙට වත්
මිනිහෙක්ට පුළුවන් තව කෙනෙක්ට
හිනාවක් දෙන්න


ඒ හිනාවේ සතුටු වෙන්න පුළුවන්නම් පුරුදු වෙන්න
මනුස්සකම උතුම් කියලා කියනවා අපි කවුරුත්
එහෙනම් ඇයි ඒ හැඟීම වටේට බඳින්නෙ සීමා පවුරු
එහෙනම් ඇයි ඒ බැදීම හිර කරලා දාන්නේ අගුළු
දැන් වෙලාව හරි විවර කරන්න වැහුණු දෑස් කවුලු
මිනිහෙක් වෙනුවෙන් මිනිහෙක් විතරයි
ඒකෙ නෑ තර්කයක්
අමතකයිද ජීවිතේ වගේම
ළඟින්ම‍යි තියෙන්නෙ මරණයක්
දැන දැනත් ඒක මිනිස්සු අතරේ
ඇයි මේ තරගයක් එන්න යං ලැබුන
ජීවිතේට දෙන්න අර්ථයත්

කඳුළු හංගා සිනහා වර්ෂා
හැලුව හින්දා පිරුණු ගංගා
සෙනෙහේ දැනෙනා
තැනක් හොයනා
අතරමංවී සසරේ සරනා

මහ මෙරක බරක්
හිත පුරා ඇති
ආකාසේ තරම්
හීන දකින්න ඇති
පතුරමු
උතුම් මිනිස්කම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *