in Adithya Weliwatta, Sachith Peiris

මල් යායේ | Mal Yaye by Sachith Peiris ft. Adithya Weliwatta [2021]

රෑ හීනයක්ද මේ
නෑ තාම තේරුනේ
මල් හීසරෙන් මගේ
හද ආදරෙන් පිරුනේ
හිත නැවතුනා වගේ
රුව දුටු ගමන් ඔබේ
ඇයි ඔයතරම් අගේ
නොබලාම ඇයි යන්නේ

මල් යායේ මීදුම් පීරා
මල් පින්නේ පාවී පියඹා
දේදුන්නේ ගෑවී ඇදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

පාට සොයා රෑ තරු යායේ
මල් අතුරාලා
පොද ඉහලා මීදුම අතරින්
ඔය රුව ගලපා
මම ඉන්න්ම් ඒ රුව බලලා
තරු නිමෙන තුරා
මීදුම් තවරා ඈත මානේ පුරා

Your everything I’ve dreamed about
my life, you are my heart and soul
your my guiding star above
my love for you is true
I’ll Paint your name so bright
on a rainbow so high
I’ll spread my wing and I’ll take us both
high above the sky

මින්දදයන් මල්හී මානා
හැන්දෑවක පෙම් ගී ලියලා
පෙම් සියොතුන්
රෑනෙන් මිදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

banner

Leave a Reply