මල් යායේ | Mal Yaye by Sachith Peiris ft. Adithya Weliwatta [2021]

Sinhala song lyrics with music notes illustration

රෑ හීනයක්ද මේ
නෑ තාම තේරුනේ
මල් හීසරෙන් මගේ
හද ආදරෙන් පිරුනේ
හිත නැවතුනා වගේ
රුව දුටු ගමන් ඔබේ
ඇයි ඔයතරම් අගේ
නොබලාම ඇයි යන්නේ

මල් යායේ මීදුම් පීරා
මල් පින්නේ පාවී පියඹා
දේදුන්නේ ගෑවී ඇදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

පාට සොයා රෑ තරු යායේ
මල් අතුරාලා
පොද ඉහලා මීදුම අතරින්
ඔය රුව ගලපා
මම ඉන්න්ම් ඒ රුව බලලා
තරු නිමෙන තුරා
මීදුම් තවරා ඈත මානේ පුරා

Your everything I’ve dreamed about
my life, you are my heart and soul
your my guiding star above
my love for you is true
I’ll Paint your name so bright
on a rainbow so high
I’ll spread my wing and I’ll take us both
high above the sky

මින්දදයන් මල්හී මානා
හැන්දෑවක පෙම් ගී ලියලා
පෙම් සියොතුන්
රෑනෙන් මිදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply