මුළු ලොව මගෙන් අසාවී | Mulu Lowa Magen Asawi by Sanath Nandasiri

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *