නානාප්‍රකාර | Nanaprakara by King Lotuss [2024]

Sinhala song lyrics with music notes illustration

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර ///
හේඒ

රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේ
මිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝ
මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ

මේ රේස් එකක්ලු සැරසේන් එලවේ න්
දුවද්දි සල්ලි පාට තරු පේන එලවේ
මගේ වචනෙට මාලිගාව හෙලවේ
අවංකයට අගදි එල වේ මුලදි කෙලවේ

ඒ ඒ උදවිය කරපුව අරං යයි
මට බෑ බයිල ගහන්නයි ගැරඬි මරන් නයි
ලගම එකාගෙ බඩගින්නෙ උපරිමේදි
කන්න දෙයක් නැත්තං උබවත් මරන් කයි

දෙන්නං අවවාදයක්
ලං කාවේ තියෙන්නෙ සං කීර්ණ සමාජයක්
උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක යටට කෙලවරක් නැති ආ ගාදයක්

මායාකාර…

ආ අවධියෙන් යලි නෙත් මගේ
මෙ කැලේ මම තනි අලියෙක් වගේ
කපුටො එක්ක පියඹීම නවත්තන්න වෙනො පියඹන්න රාජාලියෙක් වගේ

මං නම් තීරණ ගන්නෑ කේලම් ඕපදූප අසලදී
සමහර තීරණ තිබ්බා කුණු ගත්තා කසල දී
හඳවත සසල වී නිසසල විය
ප්‍රශ්න එද්දි කසල වී පිලි තුරුද එ අසල විය

සමහරු වාසියට ඇලෙනවා
සමහරු ඉරිසියාවෙ පැලෙනවා
අපි කඩියො වගෙ අඩිය අඩිය පඩිය පඩිය නගිද්දි කෝමත් හැලෙනුන් හැලෙනවා

මායාකාර…

written by  Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply