නේත්‍රා | Nethra by Abhisheka Wimalaweera [2020]

Sinhala song lyrics with music notes illustration

නේත්‍රා රැලි හංග ගන්නට
ගැල්වූ සායම් දියර ඇත්නම්
කුසේ ගින්දර නිවන බත් පත
පිලුනු වී ලග තියෙනවා නම්
තුනට හතරට නැව්ව මගේ රුව
පසුම්බියේ තනි රකිනවානම්
ස්තිරයේ ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

පැළුනු දෙතොලග හිනා කදුලක්
හොයාගන්නට බැරි නොවෙයි නම්
නාලගිරි මත් වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්

දැනුනූ නින්දා දුකම හින්දා
මැරුණු බව සිවිලිම කියයි නම්
ස්තිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

ගල්වලේ වැඩ කරපු දවසක
කැඩුනු සුලැගිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්

මගදී අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්
ස්තිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply