Nodaka Inna Ba / නොදැක ඉන්න බෑ – Ruwan Hettiarachchi

Sinhala song lyrics with music notes illustration

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී…
නොලැබ ඉන්න බෑ
තව නම්
ඔබේ ආදරේ…
නොසිත ඉන්න බෑ…
මට නම්
කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ…
ඔබෙ ආදරේ…

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී…

පැහැදුල් කතා…
මතකේ වෙලා…
දෙනුවන් තෙමා…
පියමං කලා…
පෙර පෑ සිනා…
පාවී ගියා…
මා හැර දමා…
සිහිවේනව…
ඔබ කී කතා…
මුලු රෑ පුරා……

මතකේ දරා…
හිදිමී සදා…
මතකේ දරා…
හිදිමී සදා…

මිහිදුම් වලා…
සලුවෙන් වෙලා…
පැතුමන් දරා…
රකිමී සදා…

පෙර පෑ සිනා…
පූජා කලා…
අදුරේ තියා..
සගවා දමා…
මේ වේදනා…
යලි එනතුරා…..

දිවියේ පුරා…
හිදිමී බලා…
දිවියේ පුරා…
හිදිමී බලා…

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී…
නොලැබ ඉන්න බෑ
තව නම්
ඔබේ ආදරේ…
නොසිත ඉන්න බෑ…
මට නම්
කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ…
ඔබෙ ආ..දරේ…
නොවිද ඉන්න බෑ…
ඔබෙ ආ..දරේ…

Official Music Video:

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply