නොහඬන් මන්දෝදරී | Nohadan mandodari by Pasindu Soysa

Sinhala song lyrics with music notes illustration

මිහිදුම් වළා සළුවෙන් ගිලිහී
පායන්න හිරු අහසේ යළී
අනෝරා වැහි වලින් මිදී
නැහැවියන් ඒ හිරු රැසින්
නැහැවියන් ඒ හිරු රැසින්

නොමහඩන් මන්දෝදරී
නැතිවුනත් රාවණා නුබ ළග
ඉවසපන් දුක් කඳුළු වියවුල්
දරාගෙන හදේ නැගෙනා ගිණි
දරාගෙන හදේ නැගෙනා ගිණි

නෑ තනි ඈ දනී සෙවනැල්ලක් ඈ රකී
මන්දෝ මේ සැලකිලි අවස්තවාදියෝ පිරි
වැන්දබුවක් නෑ අඩුවක් පුරවන්නට කිසි හිඩැසක්
කුමරු රාවණගේ බිසවුන් මන්දෝදරියනි නොඅඩන්

රාවය ඇසුනා නම් මැය යදිනා මේ යැදුමන්
යලි අවදිව ආදරේ නාමෙන් පරදාවී රාමත්
ළග උන්නා මේ වදුරන් පිට පැන්නා මේ පිනුමන්
හරයක් නැති මුත් බිය නුබ දවනා අසල්වැසි නරයන්

පෙර උන්නා බලා තව නෑ
පිලිතුරක් ලැබෙනා ඇහෙනා .
වතගොත හොඳ නෑ
අනතුරක් ඈ හට දැනෙනා හැගෙනා.
කවදත් නෑ
වෙන්විමක් යලිත් මුන⁣ගැහේ දෝ දෙදෙනා.
හමුවන තුරැ යලි පෙර මෙන් මන්දොදරි මඟ උන්නා

අන්තයක් නැති අනන්තයක් තෙක්
ජීවිතේ තව දුරයි යන්නට
අකාලයේ ඇද හැලෙනා මහ වැස්සට
ඉඩ නොදෙන් ඔය නෙතු තෙමන්නට
ඉඩ නොදෙන් ඔය නෙතු තෙමන්නට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply