නොපැතු අවසානයේ | Nopathu Awa by Udesh Manoj [2016]

Sinhala song lyrics with music notes illustration

නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ

ළපටි කඳුළු කැටි තාම වැටෙනවා
දබර කරන මතකෙන් ඔබත් කැටිව
මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්
ඇයි කපටිකමක් කළේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ

සොඳුරු මතක පිටු ගාන
මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු
පැටලීලා තේරුමක් නෑනේ
ඔබ නපුරු වුණා සඳේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ

නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply