ඔබ සුසුම් හෙලන්න | Oba Susum Helanna by Prince Udaya Priyantha

Sinhala song lyrics with music notes illustration

ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …

ඔබ පුරහද වෙන්න

ඒ පුරා හඳේ ගුලි වී ඉන්න
මම තරුවක් වෙමි
රාත්රියට අහසේ පිපෙන …
මම තරුවක් වෙමි

රාත්රියට අහසේ පිපෙන
ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …

ඔබ කවියක් වෙන්න

ඒ කවිය මිහිරි හඬින් ගයන්න
මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන …
මම මිහිරක් වෙමි

ඒ කවියේ රස තැන් පුරන …
ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply