in Shihan Mihiranga

ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුළ කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

වැයුණු තනුවක මිමුණු පදයක
ඔබේ නම කියැවෙනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

banner

Leave a Reply