ඔබට මං හොඳ මදි | Obata Man Honda Madinam by Ayesh Jayathilaka

Sinhala song lyrics with music notes illustration

ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ආදරේ මදි වීනම් සමුගන්න නෑ තරහ වෙන්නේ
අතින් අල්ලා ආව ගමනේ නොයා දුර මෙතනින් නවතින්නම්
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

රැවල් ඉරිලා සෙනෙහෙ නැව අපගේ දියඹේ ඈත මහ සයුරේ
ඔයා කෝ මං කෝ දෙතැනක ඇයිද අපි මේ වෙන් වෙලා යන්නේ
දිනක් දිව්රා කියූ ඔබෙ ආදරේ අද ඇයිද නතරවුනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

ආපු දුර ආයේ හැරිලා බැලුවොත් නොමැකෙන මතකයක් විතරයි
ඔයා මැව් ලස්සන ලෝකේ හීනයක් අද වචනයක් පමනයි
දිනක් දිව්රා කියූ ඔබෙ ආදරේ අද ඇයිද නතරවුනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply