අසලියා | Asaliya by Gigishan ft. Ayesh Jayathilaka [2020]

මේ සැණකෙළියේ නුඹ රඟන විරාමේ
නෙතු සැලුණු වෙලාවේ
සිත සසල වෙලා…
රූ සර වින්ඳේ පෙම් අසුර නුරාවේ
හිත වෙලුණු සිනාවේ
අද උමතු වෙලා…

ඉන්ද්‍ර නීල තරු ගෙනාව සේයා
නින්ද නේන රැය පුරාම පායා
යන් ද රෑක මේ අතේ වෙලීලා
අසලියා…
මන්දහාස මා සොයාන ආවා
රංගශ්‍රීය ඇය තමාම ඕනා
වර්ණ ගෑවු ජීවිතේම සේයා
අසලියා…

පේනා පේනා හීනේ
සේයා ඡායා දෑලේ
කීවා වාගේ ආලේ ඒ සිනා…
වෑහේ යාමේ සීතේ
ආශා සේනා රහසේ
නෑසී යාදෝ ආයේ ඒ කතා…

සීතල නිල්ලේ තුරු මඩුලු සදැල්ලේ
සඳ නිදන ඇසිල්ලේ
නුඹ තුරුළෙ හොවා…
නෑ ලතැවිල්ලේ නුඹ ළඟ සැනසිල්ලේ
ඔය පෙම් හසරැල්ලේ
හඬ නිහඬ කළා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *