පාදපරිචාරිකා | Paadaparicharika by Devnaka Porage [2020]

Sinhala song lyrics with music notes illustration

සනසන්නීය හදෙයී නුඹ ගෙතු
විදින්නෙහි සිත් පුරා විනිවිද
නිර්මල සිතුවිල්ලේ
චන්චල ඕවිල්ලේ

සාංසාරිකයි
ආල වේදනා
අලංකාරිකයි ඔබේ චේතනා

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

ඔයා වැනුම පෑ දෙඇස් කතාවේ
පෙරුම් පිරූ පාරමී ලතාවේ
සද නැති රෑ සුදු සේල අමෝරා
දිවිමග කමටහනේ

දන් වැඩූ පේකාව නුඹ
සුවපුර දැකුමක පහස හදන්නී

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

නා දලු නැලවෙන සොලොස් කලාවේ
අනද කරලියක් විත සහරාවේ
නෙත් විහිදෙන මැදියමේ සිසාරා
අඹ රස වැසු උයනේ

සුසුම් පිරී යශෝරාව නුඹ
උරුමැති දියවර සසර කරන්නී

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

සාර ප්‍රිය ශෝභනා
පාදපරිචාරිකා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply