පලංචියේ වැඩ | Palanchiye Wada Indagena by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

සිල් ගත් රජ මහ වෙහෙරට
මල් පුදනා මහ සෙනඟට
පියාණනේ නුඹ නොපෙනෙනවා
ඇල්මෙන් අකුරට යනවිට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළොවට
අප සිරසට රන් කොත වෙනවා
සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹේ දාදිය සුවඳ තියෙනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply