in Kumara Ekanayake

පොඩ්ඩක් කට | Poddak Kata Adu Una Nm by Kumara Ekanayake

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනා
පිරිමි හතර පස් දෙනෙකුගෙ හයිය තියෙන මගේ නෝනා
කම්මැලිකම දන්නෙත් නැති කඩිසර ගති ඇති නෝනගෙ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ…//
කියලා නිම කරන්න බෑ

කොයි තැනකට බැස්සත් ඒ ඕන තැනක කැපී පෙනෙන
අරපිරිමැස්මෙන් වැඩි කර මගේ සල්ලි ඉතුරු කරන
සුන්දරකම වැඩිපුර ඇති ගින්දර වගෙ මගෙ නෝනගේ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

අහල පහල කාට උනත් නිතර නිතර උදවු කරන
නැන්දම්මත් එක්ක උනත් රණ්ඩු නොවී හොඳින් ඉන්න
කා සමඟත් හොඳ හිත ඇති මට පණ වගෙ මගෙ නෝනගෙ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

written by Kumara Ekanayake

kumara ekanayake,sri lanka songs,sinhala songs,lassana sindu,sinhala baila,sri lanka baila,ket band,senehe latha,latha,baila

banner

Leave a Reply