in Lasitha Jayaneththi Arachchige, Mahazona, Sinhala Rap, Thushadi Nethmini

ප්‍රේමයෙ හිස්තැන් | Premaye Histhan by Nethmini ft. Mahazona [2024]

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
නෑ මo ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා

නොපැතූ අවසානයේ නතරවෙලා ඉන්නේ
ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ
මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ

මගදී හැර යන අත ප්‍රතික්ෂේප වෙලා ඇතුළෙන් මගෙ හිත

වස් දොස් අපෙ ආදරෙ පිරී
නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී
සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරී… සොරී…
යන්න කාලෙ දැන් හරී
රින් වෙන කෝල්ස් සේරම ගියෙ බැහැරට
බිසී නුඹේ ආදරෙ තිබ්බෙ වචනෙට
ගමටම ලස්සන කෙල්ල උඹ උනාට
ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට
ආත්මෙන් බැඳී ඒත් ආදරෙ නොදී
දුරකට යමි නුඹට කඳුළු නොදී
මේ කාලය නිමී දැන් කාලය මදී
උඹ ඉන්නට තව නුඹ ළඟ මට රැඳී

සොඳුරු මතක පිටු ගාණ මතක නෑ අපෙ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ
ඔබ නපුරු වුණා සඳේ
මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්නන්න අනේ
ඔබගෙ සතුටම පැතූ
පෙම්වතිය තනිවුණූ
නමුදු මියෙනා තුරූ
ආදරෙයි වස්තූ

written by Lasitha Jayaneththi Arachchige

banner