රහසින් | Rahasin by Kokila Pawan Jayasooriya [2021]

මේ සයුර සුවිසල්
නිල් රලක සිතුවම්
මවන් මතක බිදු රහසින්

හද දැවී ගන අදුරේ
මා නිවාලනු ඔබේ සුවදින්

රල ගලා වෙරලට එන
දිය කදට නොහැකිද එය
බල බලා ඇවිදින් සෙමින්
ඔබ යන්නේ ඇයි විගසින්

මේ සයුර සුවිසල්
නිල් රලක සිතුවම්
මවන් මතක බිදු රහසින්

හද දැවී ගන අදුරේ
මා නිවාලනු ඔබේ සුවදින්

මා දමා මග හවසක
සිත තැලූ රලු වදනක
ඈ ගියා සරදම් ලෙසින්
මං වෙරල මැද තනියෙන්

මේ සයුර සුවිසල්
නිල් රලක සිතුවම්
මවන් මතක බිදු රහසින්

හද දැවී ගන අදුරේ
මා නිවාලනු ඔබේ සුවදින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *