රතු පලසෙ අඩි | Rathu Palase Adi Thiyanna by Athula Sri Gamage

Sinhala song lyrics with music notes illustration

රතු පලසෙ අඩි තියන්න
හිමින් සිරුවේ…
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ
රැ තාරුකා පවා..
දෙව්දුවට ලං උනා…
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා..

අහිංසකව සිනා සෙන්න නුහුරුකමක් ඇයි ..
ඇස් බැන්දුම් තියෙන රටක් නුබට ආදරෙයි ..

රත්මල් වැනි තෝඩු දිගේ සෙනේ ගලා යයි ..
නෙත්මල් වාවන්න බැරිව පුදුමයෙන් බලයි

රතු පලසෙ අඩි තියන්න

හිමින් සිරුවේ…
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ
රැ තාරුකා පවා..
දෙව්දුවට ලං උනා…
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා..

සිතුවිල්ලක කුලුදුල් සිහිනයක සැබැව
අරගෙන ආවා ගම රට ඉදල ඔයාව

පැළදු මංගල මුදුවේ රැදුණු දයාව
සදාතනික වේවා ආදරය කථාව

රතු පලසෙ අඩි තියන්න

හිමින් සිරුවේ…
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ
රැ තාරුකා පවා..
දෙව්දුවට ලං උනා…
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply