රෝස කුඩයක | Rosa Kudayaka by Yasith Kelambiarachchi [2022]

Sinhala song lyrics with music notes illustration

නිදන් කරන් ඔබෙ මතකේ
ගිලන් මගේ හිත පතුලේ
පරිස්සමෙන් රැක ගන්නම් පන වගේ
විකල්ප නෑ ආදරියේ
ඔබෙන් එහා ආදරයේ
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු
මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

විශ්වාස කරපූ විස්වාස බිදුනූ පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ මට ඉතිරු කෙරුනේ තැවීමක් විසකුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply