සල්ලි පොකුරු | Salli Pokuru Mille Ahuru by Damian Wickramathilake

Sinhala song lyrics with music notes illustration

සල්ලි පොකුරු මිල්ලේ අහුරු

සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ග‍තේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා

මුහුදු හතේ රළ රැල්ලේ

පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා

රස්සාවට නගින උදේ

බොන්ජෝර්නෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ
අපි දන්නා හඳ මාමේ

අපි නම් නෑ පැරදීලා

කටු වටකර තිබුණත්

අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ
ආපු ගමන් ආයෙත් යං

මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply