සීතල සුළඟ හමයි | Seethala Sulanga Hamai by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිඳු හඬත්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
සීතල සුළඟ හමයි

දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා

සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිඳු ලෙසින්

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply