සීතල සුළඟේ | Seethala Sulange by Yashodha Medagedara [2021]

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

වළාපෙලක අතුරා සිහිනය දේදුනු පාට තියා
මා ආවේ දෑස සොයා..

සඳ ඈත පේන රෑක හීන වපුරා
සිත ආදරේ පෙරා ගෙනාවා
හිමි දෑස ගැනම තාම හිතනවා…..

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

තරු රෑන ගාව ජීවිතේම තියලා
එමි පාවෙලා සුළං සැරේ මා
ඔබ කෝ කියා දෙනෙත් සොයනවා….

සුදු පාට මීදුමේ තෙමී තෙමීලා
කඳු යාය පසු කළේ සෙමින් මෙමා
සංසාරයේම මං ඉන්නවා…

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *