සිංහල Mashup Cover | Sinhala Mashup Cover by Sahangi Hansanjali

Sinhala song lyrics with music notes illustration

ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගේ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදී
නෙක හැඩ පා ඔබේ පාද පරිචාරිකා

රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්‍රාණෙත් සරි
ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොදොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්‍රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්‍රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

රන් වන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද
රන් වන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද

පැහැසර ඔබේ ආ… දරේ… මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ… හද රිද්දනවා රහසේ
ම්….. ම්…..

https://youtu.be/dFYNXDnH38Q

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply