Sinhala All Time Hits Medley Vol2 by Sarith & Surith

Sinhala song lyrics with music notes illustration

ආදරේ… සිත සනසන ආදරේ
ආදරේ… සිත සනසන ආදරේ

සද සිසිලේ තරු එළියේ මද පවනේ – හමු වෙනවද
ආදරේ ලොව නලවන ආදරේ
ආදරේ ලොව නලවන ආදරේ

ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ හගුමන් පුබුදාලා

ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ හගුමන් පුබුදාලා

වසන්තයේ කුසුම් විලේ බිගුන් මුවේ
මධු බිදුවකි ආදරේ ලොව නලවන ආදරේ

රන් ගිර හිස හිරු හිනැහෙන
එලියෙන් මුලු ලොව දිදුලන

නමුදු හිරුට ලං වන්නට
වරම් නොමැතියේ

ඉරෙන් ලොවක් එලිවන දැක
ම සිත බැබලියේ

රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා

පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ

නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා

ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

අඳුරු අතීතේ කදුළු සළාලා
තනිවූ කාලේ ඔබ ලතැවීලා

සෙනෙහෙ පුදා හමුවුණු දා
ඔබ හිනැහුණු දා මට සිහිවෙනවා

සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා… මා හඬවනවා

සැබෑ ලොවේදී ඔබ මා
නෑ මුණගැසිලා… නෑ හමුවීලා

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ

සැලුනා රිදී සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා

සයනේ දිගා වෙලා
සිතු දේ රැයේ පුරා

ඉටු වී තිබේ මෙදා
සිහිනේ සැබෑ වෙලා

කියඹු ලතා ඇගෙ සොලවා
විහිලු කලා මද පවනා

කහ මල් අත්තක් සැලුනා
රන් වන් දෑතක් පෙනුනා

ආදරේ කරලා ඔබ හට ආදරේ පුදලා
වෙන අයෙකුගේ සුරත ගන්නේ
කෙලෙසද සිතලා

සුවද මල් මාරුතේ
උතුරා යතේ

අදුර ගමු මේ මාවතේ
ඔබේ දසුනින් පවා

සැනසීමයි ආදරේ

written by Various Artists

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply