සිංහල සිංදු (Mashup) | Sinhala Songs (Mashup) by Sajitha ft. Nadeemal

Sinhala song lyrics with music notes illustration

උන්මාදිනි හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා

සීත මාරුතේ
හිත වාවන්නේම නෑ
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ

ඈත මීදුමේ
කිරි කොඩු මෑදියම් රෑ
දිදුලන පුන් සඳක් වගේ
දුන් හීන එලිවෙන් නෑ
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ

මා හදේ වෙළෙනා
ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

නීල දෑසේ දුටුවා
ඔබෙ පේ‍්‍රම ආලිංගයේ

ගීත රාවේ දැනුනා
සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ
සීතලෙන් මා වෙලි
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී
ඔබ යන්නේ ඈයි ආදරී

මගෙ සිහිනේ ඔබයි
මල් මී සුගන්දේ
නැලවී වෙලී
මගෙ සිහිනේ ඔබයි
මල් වැල් ගොතන්නී
තනි යහනේ නොවෙයි
වෘන්දා වනේ
නිල් විල් තලාවේ
ආදරයේ
කිමිදී මිදී
කොයිදැයි විඳින්නේ
හද උණුසුම ඔබයි
සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම්
ඇහෙනා වෙලේ
කෝ කොයිද රාධා
උන්මාදිනි

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

මල් පැන් පොදක්
උන්මාදිනි
කිනිත්තක් අගින්
හැංගුනා
ඉසින්නා වගෙයි මට
අනුරාග දෑසින් බලා
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
සොඳුරුයි සුපෙම්
ලැබූ පෙම් වදන්
ලෝචනා
ඉතිං ආදරෙයි නම්
නෑසෙයි නුඹේ ගායනා
බෝහෝමයි හැගුම්

අහසක් අහසක් තරම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply