in Rookantha Gunathilaka

සුදු මුදු වැල්ලේ | Sudu Mudu Walle by Rookantha Gunathilaka

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළංවෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල්ගුමු දැකලා නැවතී යනවා
සෙනෙහේ සුවදේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවි තියෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

banner

Leave a Reply