in Shihan Mihiranga

සුදු රෝස මල් | Sudu Rosa Mal by Shihan Mihiranga

සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා

වෙන කාගෙවත් වෙන්නෙ නෑ
මට කීවා ආදරෙන්
මට ඔබ නැතිව සැනසෙන්න බෑ
තුරුලුව උණුහුමට ආදරෙන්
වස්සානෙ සිත සැනසී ඒ වගේ
සමනල් පියාපත් හිනැහුණා ඒ රැයේ

සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා

සුසුමකට ලං වෙන්නම්
සිප ගන්නේ නම් මා
ඔබ තුරුළෙ නැලවෙන්නම්
මගේම වෙනවා නම්
සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ
මල් මත දෙව්ලිය වඩින්න ආදරෙන්

සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා

banner

Leave a Reply