සුහදිනියේ | Suhadiniye by Vimukthi Dilshan [2020]

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
නිම් නොවුනු පෙමින්
මතකය ඇහැරෙයි
දෑස් කකියමින්..

නුඹ ඇයිද මෙසේ..
අද මා අඳුරු කලේ..
නුඹ ඇයිද මෙසේ..
අද මා අඳුරු කලේ…..

සුහදිනියේ..
සුහදිනියේ……

දොර කවුලු හැරදමා
හිරිකඩට තුරුලු වී
මගේ දෙව්ලියම යැයි කියාලා
මම තාම රැවටෙමි….

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
නිම් නොවුනු පෙමින්
මතකය ඇහැරෙයි
දෑස් කකියමින්..

නුබෙ සුවඳ තවරලා
මා අතරමං කලා
ඒ අඳුරු එක්කලා…
මා නුඹව සොයනවා……

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
නිම් නොවුනු පෙමින්
මතකය ඇහැරෙයි
දෑස් කකියමින්..

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
තව එක දවසක්
මුල් වසන්තයට
එන්නද හවසක් මං…..
සුහදිනියේ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *