සුන්දර දුම දුම නා | Sundara Duma Duma Na by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි
පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා

පුන්සඳ මුණේ එළිය ගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා
හිත නලව ගන්න එන පිරිසට
හිත නලව ගන්න එන පිරිසට
මිහිරිම කවි පද කියනා
නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා
නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා

කිරි සුදු බදුලු ඔයෙන් හසරැලි ගේනා
මීහිදුම් සළුවෙන් හිස ඔලි එලි බඳිනා
දහඩිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
වට වන්දනාවේ එන නඩේට
වට වන්දනාවේ එන නඩේට
සියපත් ඔබ හාද වුණා
නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා
නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි
පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා
නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply