තාම ආදරෙයි | Thama Adarei by Nathasha Perera [2020]

Sinhala song lyrics with music notes illustration

සියොතුනේ…..
පියඹාල යද්දී දුටුවාද මාගේ ආදරේ
මදනලේ……….


දැවටී හමද්දී දුටුවාද මාගේ ආදරේ
තරු රෑන මැද දිලෙන සරාසද වගේ…
නිල්දියේ සැරිසරන හංස රජු වගේ…
දෙනෙත් නොපියා පේන
හීන වලට පණ පෙව්ව
මටම හිමි නොවුනාට
මගේ පෙම් කුමරාට
තාම ආදරෙයි
තව ආදරෙයි


වැටෙන හුස්මක් ගානේ ආදරෙයි
තාම ආදරෙයි
තව ආදරෙයි
හද ගැස්මක් වාරේ ආදරෙයි…
මං ආදරෙයි
ආල සෙව්ව හදවත මාගේ
පෙමින් මත්වෙලා
නුඹගේ දසුන් විඳිනවා….
සීත යායෙ පෙම් මල් පීදී
සුවඳ දී හමාලා
සඳ යාමෙ තව හැඩකලා
හීනෙකින් ළංවෙලා
ආදරේ හංගලා
පාලුවේ මම ඉන්නම් තනිවෙලා


තාම ආදරෙයි
තව ආදරෙයි
වැටෙන හුස්මක් ගානේ ආදරෙයි
තාම ආදරෙයි
තව ආදරෙයි
හද ගැස්මක් වාරේ ආදරෙයි…
මං ආදරෙයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply