තණකොල පෙත්තෝ | Thanakola Peththo by Shana ft. Dr.BSKing

Sinhala song lyrics with music notes illustration

ආයුබෝවන් බෞද්ධ නිසා කිව්වේ
බුදු සරණයි
දැන් රැප් අංක එක මල් සිංදු
කාලේ පරණයි
ලබු තිත්තයි පට්ට අබුද්දස්ස කාලේ මේක
කලිසම ගහල හැට පැන්න මැන්ටල්
වැටිලා දෙයියන් පල්ලා තරුණයි
සංගීත රෝලේ මාගම් මේක
මේක හිපොප් වංසේ
සිංහල උනාට සමහර උන්ට
කියවන්න බෑ යංසේ
මේවා රස තෝසේ දකුණේ තමයි වාසේ
අපෙන් එකක් ඇහුවම කෙල්ලන්ට
මාරුවෙනවා මාසේ
අපිට ඉහලට යන්න දල්ලකුත් නෑ
පහලට යන්න අල්ලියකුත් නෑ
ඉන්න තැනක ලෙසටම ඉන්නයි
Try එක ෆුල්ම
උඹලා ගහගෙන යනවා බන්
රැල්ලක් ආවම
ලෙඩේ හොඳවෙයි ඉල්ලන් කෑවම
ගැරඬියා වෙන්න එපා මැරුම් කන්න
මගේ අතින් මුල්ම

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි බකමූණා වෙනයි

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි කමූණා වෙනයි

විනෝදාංශේ ෆෝම් කිරිම ගොබ්බයෝ
අපි එල පොරවල් ආශ්‍රය
කරන්නෑ කුප්පයෝ
දානෙට පිරිතට මගුලට මලාට එන්නැති
කුලෑටි පොරවල් බර ටෝක්
දෙනවා අපිට කිරි සප්පයෝ
ඈ………
ඕ…….
ඔලුවට ගැහුවම ආටිස්කම
ගුරුත්වාකර්ෂනය අඩුවෙන් තේරෙයි
පාවී පාවී හිටපන් එපා උඩ යන්න
බුෆේ දාලා දෙන්නේ
පාට හතෙන් බඩ යන්න
කරකලා ගත්තම පිටියට මොන්ගල්
වෙලා වගේ ඇස්පිය වදින්නේ අඩුවෙන්
යුද්දෙට අත්පුඩි ගහනවා කෝචොක්
කරනවා කොස්ගෙඩි කොටන්නේ කඩුවෙන්
‍රැප් එක පිට් එක දෙනවා
මම ලැට් එක වගේ
අවුස්ස ගන්නවා පැටියෝ
මං මේ ගෙම්බෙක් උනොත් බං
ගේම ඉල්ලන්නේ
කොහෙවත් යන පලඟැටියෝ

කරවල කට්ටක් කන්නෙත් සූප්පු කරලා
ඒ බන් අපේ හැටි
වාචාල කටක් මේක අවුස්සගෙන
කන්න එපා ගුටි
අඩියක් අඩියක් ගානේ දාලා කොල්ලෝ
හඳේ හාවා බෙටි
සැපට නින්ද යනවා ඇල උනාම
බිම ගොම මැටි
රෑට රෑට ග්‍රීස් යකා නගිනවා ගස්
පාට පාට ජන්ගි හොරුන්ට
දැන් කන්න වෙන්නේ පස්
රූට රූට ඉන්න එපා කොලුවෝ
වගේ ලංගම බස්
අපි කට්ට සූප්පු කරන්න ඇති
වෙනකල් කාලා මස්
හාපෝ….

පදම සැර වැඩි වගේ කොලුවට
දෙහි ගෙඩියක් මිරිකලා දාපන්
මුගේ ඔලුවට
අද කාලේ සිරිමත් ලා මාර ආසයි
හෙලුවට
ශානා ක්‍රෝටන් අත්තක් කඩන් ගිහින්
දීපන් බන් මේ එළුවට
නැට්ටේ ඉඳන් ගොම ලැග්ග හින්දා
හරක් නැග්ග වලේ
තෙලේ වැඩි උනාම මොලේ
දාලා ගන්න ඕනේ ඇලේ
කැලේ ඉඳලා ඇවිත් කොළඹ
කොලුවා හොයන සල්ලි කොලේ
කරන්න බැරි වැඩ මොනවට
කරන්න යනවද බොලේ
රෙද්දක් ඇඳන් පාරේ යන්නේ
කොහොමද බොල දැන්
සීනි කෙහෙල් නෙවේ වටින්නේ
ආනමාලු කැන්
පූජා කරන්න කලින් හෝදලා
ගනින් දාලා පැන්
ට්‍රැක්ටරේ අයියා කිව්වා මල්ලි
වැටිලාලු සඳ කැන්
රට බීම අගුණයි දරුව
අර්ශස් අමාරුවට
ඇදන් නෑම උරුමයි දරුවෝ
කට වැඩි ඈත
කොත්තමල්ලි ටිකක් තම්බලා
බීපන් උඹේ බයට
කොහේ ගියත් කමන් නෑ
උඹ ගෙදර වරෙන් හයට

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි බකමූණා වෙනයි

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි බකමූණා වෙනයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply