තනුව අහිමි | Thanuwa Ahimi by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා… කියමි නෙතු සලා

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ… දුන්නු හාදුවේ

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply