තරුමල් යායම | Tharumal Yayama by Gunadasa Kapuge

තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ උමතුවෙනි

තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි

තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *