ත්‍රෛයිලෝක | Thriloka by Shane Zing with Line One [2019]

Sinhala song lyrics with music notes illustration

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ
…අහසින්ද…
අහසේ පියසලන වලාපෙලට දෑස තියන්නේ
…..මුහුදින්ද……
මුහුදේ තරංගයක පෙනපිඩු කවුද මවන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

ආදරේ ජාති ජාති ආල හැගුම් කොහෙන්ද එන්නේ
….පපුවෙන්ද….
පපුවේද වෙනස් වෙනස් සිතුම්
පැතුම් ගිගුම් නැගෙන්නේ
….ඔලුවෙන්ද….
ඔලුවේද කැලතී කැලතී සිතුවිලි විෂ වන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply