වීණාවී | Veenaavee by KaZpar Ranawalage [2021]

සලෙල බිඟු කැළ ගී ගයා උබෙ සවන් රවටාගෙන වගේ
උබෙන් ආලය පතා උන්ණේ කිමද උබ දන්නෑ වගේ
මගේ ස්වරයෙන් උබට ඵලයක් නෑ වගේ

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

උබ වියූ ඒ සිහින වියනේ ඉඩක් දැන් නම් මට ඇතී
බිඟුන් නැසුණේ ඒ නිසා මැයි හිතේ සැකයක් නම් නැතී
විඩා නිව්වේ උබේ බැල්මෙන් මා මිදී

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

වීණාවී මාගේ
සීතාවී උබේ දැහැනින්
විඩා නිව්වේ උබේ බැල්මෙන් මා මිදී

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *