වල්ගා තරුවක් | Walga Tharuwak by Milin Rupasinghe

Sinhala song lyrics with music notes illustration

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා
පැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියා
ඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා…….
වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

ඇඟට පතට නොදැනී නුඹ මට ගෙනදුන් වේදනා
හිතට ගතට උරුම කළා නුඹ නිරයේ වේදනා
මනසක් නැති මිනිසෙකු වූ මෙදා
සිහිනය විත් බැලුවා මා දිහා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා…….

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

ළයට තුරුළු කරගෙන නුඹ මට ජීවේ රසය කතා
පලකට නැති සුළඟක් සේ දැනෙනා මට මෙදා
හරයක් නැති මිනිසෙකු වූ මෙදා
අඳුර තුළින් ලෝකය බැලූ නිසා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා…….

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply