වරුසා වැහැලා | Warusa Wahala by Keshan Shashindra

Sinhala song lyrics with music notes illustration

වරුසා වැහැලා සොදුරු ආදරේ
මල් පිපීලා අප යන මාවතේ….
ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
මතක ඉමට කවි ලියනු බෑ
ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
කාත් කවුරුවත් දන්නෙ නෑ
නුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ නුඹ තමා

හසරැලි මුව මත සැමදා රන්දා
මගේ ලගින් ඔබ උන්නු හැටී
සිහිවන හැම මොහොතක් ගානෙම
ඇස අද්දර උණු කදුලු කැටී
ඔබට ලෝකයක් නොවන නමුත් මං
මගේ ලෝකේ නුඹ තමා නුඹ තමා

ආදරයේ උණුසුම දුක ගැන මට
කියාදෙද්දි ලෝකයක් වටී
ඔබගෙන් මිදෙන්න එක මොහොතක බෑ
මගෙ හැමදේ ඔබ හටයි හිමී

වරුසා වැහැලා සොදුරු ආදරේ
මල් පිපීලා අප යන මාවතේ….
ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
මතක ඉමට කවි ලියනු බෑ
ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
කාත් කවුරුවත් දන්නෙ නෑ
නුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ නුඹ තමා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply