විකසිත මල් | Wikasitha Mal by Mahiru Senarathne [2025]

Sinhala song lyrics with music notes illustration

විකසිත මල් ගොමුවේ

සිත බැඳි පෙම්වතියේ

හිමිනැති නම් මහදේ

නොකියම ඇයි පිපුනේ

මිතුරිය වී බැඳුනේ

මිතුදම නෑ බිඳුනේ

සඳ නැති දා අහසේ

තරු මට නෑ පෙනුනේ

සත්තයි ආලේ මම දුන්න කුලුඳුල් ප්‍රේමේ

පාලුයි නුඹ නෑ කියා

හිස්තැන් මාගේ පුරවන්න දී මට ආලේ

තාමත් නුඹටයි සදා

හින්දා නුඹ වින්ඳා මං රහසේ

පවසන්නද ආයේ

සඟවන්නට බෑ තවනම් ආලේ

මිතුරිය නුඹ දුන්නා නම් සෙනෙහේ

විඳගන්නට මාගේ

හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ

යන්න මාගෙ කැන්ද හින්ද ආලෙ බැන්ද

වින්ද ප්‍රේමෙ මන්ද හීනෙ ආලවන්ත  

ඉන්නවා බලන්ම ගන්නෙ නෑ බලෙන්ම

ඔය ඇස් හොරැහින් වාගේ

ලං වෙලාම ඉන්න මං දිහා බලන්න​

කල්පනාව දන්න ඈ මයි මාගේ

තේරුනොත් කියන්න හැඟුමන් මා හා

මොහොතක් මොහොතක් ගානේ

සිහිවෙන්නේ ඔය රුවමයිනේ

තවමත් ඔබටයි  ආලේ මාගේ 

යෙහෙලියකට බැඳි මාගේ

නොකියූ මේ කුලුඳුල් ප්‍රේමේ

සඟවන්නට බෑ තවනම් ආයේ

written by Ansaf Ameer

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply