Sinhala song lyrics with music notes illustration

අහස පොලව උහුලනවලු
ඉරත් හදත් මූහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ

සිනහ පදුරේ
කදුලු සුසුම් පොකුර ආදරෙ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
කදුලු වගුරේ
සිනහ පොට්ටු වඩන ආදරේ
සිතට තට්ටු කරන
සිහින කෙවිට ආදරේ

ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…

අවේලාවේ හීන මවන
හීන මානේ දෙපලු කරන
මුරන්ඩු කම දුන්නු ආදරෙ
රෑ තුන්යම
රෑ තුන්යම පාළු මකන
තනිවම හිනැහෙන මුමුණන
තුරුනු සිරිත සොදුරු ආදරේ

ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…

සාගරේට කදුලු හදන
මහ සුලගට සුසුම් බෙදන
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට
හිතෙන් හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ

අහස පොලව උහුලනවලු
ඉරත් හදත් මූහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ

සිනහ පදුරේ
කදුලු සුසුම් පොකුර ආදරෙ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
කදුලු වගුරේ
සිනහ පොට්ටු වඩන ආදරේ
සිතට තට්ටු කරන
සිහින කෙවිට ආදරේ

ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply