අහසට සොදුරුද | Ahasata Soduruda by Deshanthi & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 07 [2019]

Sinhala song lyrics with music notes illustration

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරන්

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරන්

සොඳුරුද මාහට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සඳ වේ ලතැවුල්

තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා

තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply