ඊයේ නැති වෙනසක් | Iye Nathi Wenasak by Tharindu Damsara ft. Kasun Kalhara [2019]

Sinhala song lyrics with music notes illustration

ඊයේ නැති වෙනසක්
ඔබගෙන් දැක
ඊයේ නැති හැඟුමකින්
සිත වෙළාගෙන
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ
නෙක හැඟුමන් වලින්
මසිත පුරවාලන

පිණි බිඳුවක් මෙන් ගලා අවුදින්
මගේ ගත සිත නිවාලන ඔබම
චණ්ඩ හිරු කිරණක් වී
මා දවයි….
තරු නෙත්වලින් විද විද
හී සර
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ….

සැඩ සුළඟක් මෙන්
හමා ගොසින්
මා අවුල්කර දමා ගිය ඔබම
පුංචි මුව පොව්වෙකු සේ
යළි හිඳියි….
මෘදු සිනාවතින් මගේ අද්දර
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ….

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

One thought on “ඊයේ නැති වෙනසක් | Iye Nathi Wenasak by Tharindu Damsara ft. Kasun Kalhara [2019]”

Leave a Reply