කිකිළි දූපත | Kikili Dupatha by Prauda Buwaneka [2019]

Sinhala song lyrics with music notes illustration

කැලැත්තී මුහුද හුළඟට
“පචස්” ගා වදින රැල්ලට
යළිත් යළි – යළිත් දියවෙන
බිමක් තියෙනවා…
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා..

පහුරු ගා පයින් කතිරෙට
මඟ සදා හිවල් සෙනඟට
කූඩුවේ යතුරු වැඳ වැඳ
බැතින් පුදනවා..
තටු පවා ඉතුරු නැති කොට
එක එකා මරං කනකොට
එළවලා එවුන් හනිකට
මුගටි ගේනවා…
නැති උනත් දැමුව බිජුවක්
හොයාගෙන රවුම් කිසිවක්
“රකින්නට වරෙව්” හයියෙන්
කෙකර ගානවා..
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන රෑනක්
පොරට පනිනවා..

කැලැත්තී මුහුද හුළඟට
“පචස්” ගා වදින රැල්ලට
යළිත් යළි – යළිත් දියවෙන
බිමක් තියෙනවා…
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා..

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply