කිමද සුමිහිරියේ | Kimada Sumihiriye by C. T. Fernando

Sinhala song lyrics with music notes illustration

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

සෙවනැල්ල වගේ වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ….
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ….
හැම උදේම තනියම මෙසේ….
හැම උදේම තනියම මෙසේ….
පිය ළඳේ ඔබව හමුවේ….
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ සිතට සුවදේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කෙහෙරැල්ල වැටි නලලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ….
වනමල් පිපිලා බරවී නැවීලා
ලං වෙන්න එයි මැණිකේ….
දුටු වහාම හදවත ඔබේ….
දුටු වහාම හදවත ඔබේ….
දුක නැසී සතුට ඇතිවේ….
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුරතලියේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply