දමිත්ට නෙවෙයි පිස්සු දමිත්ගේ සිංදු තමයි පිස්සු | Damithta Newei Damithge Sindu Thamai Pissu (Damith Asanka Mashup Cover) by FTT [2019]

Sinhala song lyrics with music notes illustration

අනන්ත ප්‍රේම ලෝකෙ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා…

තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ

අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

කවිකාර ඇස් දෙකේ
පෙම හංගලා
මට ආයේ ඔබ වගේ
තවකෙක් එපා
කවිකාර ඇස් දෙකේ
පෙම හංගලා
මට ආයේ ඔබ වගේ
තවකෙක් එපා

තවම මං ඔය රුවේ
අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකල්
හුස්ම මගේ ඔයා
පමාවෙලා මුන ගැසුනු නිසා
දරාගන්න බැරි කදුලු වුනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

හිතේ පෙම් පුරා මෙතරම්
මොටද මහ මෙරාක් බර නම්
මමත් මග බලා ඉන්නම්
එනතුරා මෙහේ
පෑලදොරින් හෝ එයි නම්
බාර ගනිමි රන් කද දැන්
මංද බං උඹේ ගොරහැඩි
ආලවන්ත කම්

ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ…

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply