in Athma Liyanage

රෑ අහසේ තරු කැට | Raa Ahase Tharu Kata by Athma Liyanage

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා

තරු එළියක් නිල්දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා ..

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැටඅතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවා

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා
ලා …..ලා…..ලා ලා ….
ලා ……….ලා……..

 

banner

Leave a Reply