හැදෙන්නෙ නෑ | Hedenne ne by La Signore (Lahiru Perera) [2019]

Sinhala song lyrics with music notes illustration

පීඩිත පංතිය පීඩිත උන දෙන්
දනපති පංතිය දනවත් උන දෙන්
මද්‍යම පංතිය අමතක උන දෙන්
ඉපදුන දා ඉද කඩේම ගිය දෙන්

හොදයි හොද වැඩේ
රට කන එකාගෙ බඩ ලොකුයි
රට කාල 225ම පැනලා රට යයි

හොදයි මරු වැඩේ
බිම් අගලක් ඉතිරි නොකර යයි
උඹ පාට පක්ශ පිල් බදාගෙනම වැලලෙයි

හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා

මේක කියන්නෙ
අපේ උගත් දේශපාලඥයන්ට නෙවෙයි
ඉපදුන දවසේ ඉදන්ම
අතිගරු දේශපාලඥයන්ට කඩේ යන
අපේම ශ්‍රී ලාංකිකයන්ට

මට ඕනේ සිංදු කියන්න
සිංදු තියලා නුඹලාව සන්තෝසෙන් තියන්න
ආසයි දවසක ලංකාවේ නම
ලෝකෙට ඇහෙන්න
කෑගහලා කියන්න
ලංකාව මට දුන්නු දේවල් ගොඩයි
ඒ හින්දා රට දාල නොයන්න හේතු ගොඩයි
රජයේ පාසලට දැම්මේ මගෙ ලමයි
සිංහල උගෙන රටට වැඩක් කරන්නමයි
නැතුව
දාන්න සල්ලි නැතුව නෙවෙයි
උඹලා කියන්නෙ උන්ට රටත් දාල යන්නද
ඇමෙරිකාව ඩොලර් වලින්
ජීවත් කරවන්න ද
උන්ටත් කඩේ යන්න පුරුදු කරවන්න ද

කැඩේ යමං
අට පාස් නැති සර් පස්සේ යමං
කොමිස් අරන්
අහින්සක උන්ගේ බඩ පාගපං
ඉන්දියන් සාගරේ
මුතු ඇටය යට වෙද්දී
උබලත් උන් එක්ක
තව රටක් කන්න හොයන් යමං

හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා

අවුරුදු 70ක් අපි ඉන්නෙ
වහල් කමේ
තම රට ගොඩනගන උන් හොරකමේ
හොරකමට පොරකන උන්ව
පොරවල් කරන්නෙත් උඹමයි
තෝරගෙන කොරවෙලා දැන් මොරාට මේ රට
මේ රට බේරගන්න බැරි නෑ නගේ මලේ
අම්මට තාත්තට අන්තිමට වැන්ද දවස ඊයෙද
කාපු ටොපි කොලේ පාරේ නොදා
ගෙදර ගෙනාවද
දැන් පාන් රාත්තලලේ ගාන කීයද
ලැජ්ජ වෙයන් උඹේ හොදම යාලුවා එක්ක
මරා ගත්තට
දේශ පාලුවෝ උගේ වැඩේ හරියට කලා
මිනිස්සු භේද කලා
අපිව මුලා කලා
උඹ තාමත් උන්ට කඩේ යන හින්දා කොහෙද
ඉදිරි පරපුරට ලංකාවක්
සල්ලි ගැහුවා වලින් හදපු මංමාවත්
දුවලා දුවලා හති වැටිලා දුවලා
උන් එක්ක අරන් දුවපං සෙංකෝලත්

පාට පාට මත හිසේ දරාගෙන
එකට හිටපු උන් තරහ වෙලා
කොහෙවත් යන මත රකින්න හදනවා
හෙට දවසක් නොපෙනෙන්නෙ සදා
පාරක් ගානේ හුරේ කියාගෙන
දහඩිය හෙලුවා දවස පුරා
ලැබෙන දෙයක් නැත
ලැබුන දෙයක් නැත
අවසානේ උඹ මුලා වෙලා

හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා

හොදයි හොද වැඩේ
රට කන එකාගෙ බඩ ලොකුයි
රට කාල 225ම පැනලා රට යයි

හොදයි මරු වැඩේ
බිම් අගලක් ඉතිරි නොකර යයි
උඹ පාට පක්ශ පිල් බදාගෙනම වැලලෙයි

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply